රනිල්ගේ නඩුව කල්යයි – Update
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියා.
රනිල් අධිකරණයට එයි – Update
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
2023 වසරේ බ්රිතාන්යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්රධාන උත්සවයට සහභාගී වීම තූළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුකරයට පෙනී සිටීම සඳහා රනිල් වික්රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිට්යි.
රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
රාජ්ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව ගොනුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියම කළා.

