පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් යන නගර ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ සොල්දාදුවන් දෙදෙනෙකුට මරු කැඳවමින් පාකිස්ථාන දේශසීමාවට ඇෆ්ගන් තලෙයිබාන්වරු සිදුකළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.
එම ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වල සඳහන්වේ.
මේ සතිය මුලදී ඇෆ්ගන් ජාතිකයින් 18 දෙනෙකුට මරු කැඳවමින් පාකිස්ථානය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සිය ප්‍රහාරය දියත් කළ බව තලෙයිබාන් හමුදා ප්‍රකාශක මව්ලවි වහිදුල්ලා මොහොම්මදි පැවසුවා.
සිය ප්‍රහාරයෙන් බොහෝ පාකිස්ථාන සොල්දාදුවන් මිය ගිය බවත් තවත් අය ග්‍රහණයට ගත් බවත් තලේබාන් කණ්ඩායමේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසා තිබෙනවා.
කෙසේ නමුත් පාකිස්ථාන අගමැති ප්‍රකාශක මොෂාරෆ් සයිඩි පවසා ඇත්තේ එය අසත්‍යයක් බවයි.
එමෙන්ම තලෙයිබාන්වරුන්ගේ එම ප්‍රහාරයට ක්ෂණික සහ දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බව ඔහු පැවසුවේ ඉන් අනතුරුවයි.
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර එම දේශසීමා ගැටුම් ආරම්භවී ඇත්තේ 2021 ඇෆ්ගන් තලේබාන්වරු එරට පැවති පාලනය බිඳ දමා පාලනයට පැමිණීමත් සමගයි.
දෙපාර්ශ්වය පසුගිය ඔක්තෝබර් මාසයේදී සටන් විරාමයකට එකඟ වූ නමුත් වරින් වර එය බිඳ වැටුණා.
ඒ අනුව පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයට එරෙහිව විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වන විට තලෙයිබාන් සංවිධානය තම රටේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.
ඒ හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සහ පාකිස්ථානය අතර විවෘත යුද්ධයක් ආරම්භ වී ඇති බව ඔහු අවධාරණය කරනු ලබනවා.
මේ අතර පාකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි ද සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ සිය රටේ සාමය දුර්වලකමක් ලෙස වරදවා වටහා ගන්නා අයට දැඩි ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි.
දෙපාර්ශවය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සටන් විරාමයකට එකඟ වූ නමුත් වරින් වර එය බිඳ වැටී තිබේ.

