free web stats

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ් – Update

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

ඒ ඇය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ශිරන්ති අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් අද (07) පෙවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබෙනවා.

සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්ජවේ ආර්‌යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බවට සඳහන් කර, ඒ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන අදාළ යන්ත්‍රයලබා නොදී එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම හා පොදු දේපල පනත යටතේ වන වැරදි සිදු කිරීම යන චෝදනා ඇයට එල්ලවිය.

ඒ අනුව අද පෙවරුවේ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඇයගේ නිවසේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිෂන් සභාවේ සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස රැගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *