free web stats

පොඩි ලැසී බන්ධනාගාරයට යද්දී කෝටි3ක නිවසට වෙච්ච දේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා හෙවත් පොඩිලැසී නැමැත්තාට අයත් රුපියල් කෝටි 3 ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක් සහිත ඉඩමක පරිහරණය අත්හිටුවා තිබෙනවා.

ඒ , නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකිනී.

පොඩි ලැසී නමැත්තාට 2007 වසරේ සිට සිදුකළ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු 26 ක් මේ වන විට විභාග වෙමින් පවතියි.

ඒ අතරට මනුෂ්‍ය ඝාතන සිද්ධි 5 ක්, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා බරපතල තුවාල සිදු කිරීම් සම්බන්ධ නඩු 13 ක් මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ වලට සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩු 8 ක් ඇතුළත් වේ.

2015 වසරේ දී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරියා.

ඉන්පසුව අධිකරණ නියෝග මග හැර නීති විරෝධීව පලාගිය ඔහු ඉන්දියාවේ සිටියදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් ව්ය.

“පොඩ් ලැසී” පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඉන් පසු ඔහු භාර දුන්නේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයටයි.

එහිදී රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කෙරුණා.

අද දින ඔහුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *