ත්රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර අද සාකච්ඡාවක්
අති පූජනීය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්ය ගලගොඩ අත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම කරුණට අදාළව අති පූජනීය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන ගරුතර මහා සංඝ රත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.
එම සාකච්ඡාව අද, එනම් 2026.10.08 දින ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

