ආසියානු පැරා ක්රීඩා උලෙළේදී ලංකාවට ලෝකඩ පදක්කමක්
ජපානයේ නගෝයාහිදී පැවැත්වෙන 5 වැනි ආසියානු ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට එම්. සෆ්රාන් සමත්ව තිබෙනවා.
T47 කාණ්ඩයෙන් පිරිමි දුර පැනීමේ ඉසව්වට එක් වූ සෆ්රාන් මීටර් 6.55ක දුරක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
මේ ඉසව්වට ශ්රී ලංකාවෙන් ක්රීඩකයන් තිදෙනෙක් එක් වූ අතර, යූසුප් සල්මාන්ට මීටර 6.40කින් හිමි වූයේ සිව්වැනි ස්ථානයටත්, බුද්ධික ඉන්ද්රපාල (මී. 6.11) 5 වැනි ස්ථානයටත් පත් විය.
මේ ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ නිෂාද් කුමාර්ට (මී. 7.11) හිමි වූ අතර, රිදී පදක්කම උස්බෙකිස්තානයේ ඔමාද්බෙක් කසානොව් (මී. 6.99) දිනා ගත්තා.

