free web stats

රනිල්ගේ කාලයේ පොල්තෙල් සමාගම් තියපු පොලු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලය තුළ මෙරටට පොල්තෙල් ගෙන්වන සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇති බවත් සමාගම් හතරක් රුපියල් බිලියන 5.8ක බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කළා.

අගමැතිවරියගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ මතුකළ ප්‍රශ්නයක් අතරතුර එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේ ද පැවසූවා.

“මෙරටට පොල්තෙල් ගෙන්වීමේදී ඒ සමාගම් බදු නොගෙවීම ආරම්භ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස හිටපු කාලයේදී. පොල්තෙල් ගෙන්වපු එක සමාගමක්, මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ලියලා අහනවා බදු ගෙවන්න ඕනේ ද නැද්ද කියලා.

ඒ අනුව රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපියක් ලියලා තිබෙනවා වැට් බද්ද ගෙවිය යුතුයි කියලා. එහෙම මත විමසීමක් අවශ්‍ය නෑ. දළ වශයෙන් රුපියල් බිලියන 5.8කට වැඩි මුදලක් ගෙවන්න තිබෙනවා.”

ඒ සදහා පිලිතුරු ලබාදුන් අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය මෙසේ කියා සිට්යා.

“බෙහෙවින් ස්තුතියි. මේ තොරතුරු ලබා දීම ගැන. මේ ගැන අපි අනිවාර්යයෙන් විමර්ශනයක් කරන්නම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *