පොලිස් ආබාධිත නිලධාරීහු කළ විරෝධතාව
ආබාධිත පොලිස් රණවිරුවන්ට පොලිස් සුබසාධක කොට්ඨාසය මගින් කෙනෙහිලිකම් සිදු කරන බව පවසමින් ඊට විරෝධය පා යුද බිමේදී ආබාධිත වූ පොලිස් නිලධාරීහු පිරිසක් ඊයේ (21දා) පොලිස් විරු දිනයදා කොටුව දුම්රියපළ ස්ථානය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූවා.
මෙය යුද ආබාධිත රණවිරු සංගමය විසින් සංවිධානය කර තිබිණා.
යුද ආබාධිත රණවිරුවන් සඳහා නිල උසස්වීම් ලබා නොදීම, හිඟ මුදල් මෙතෙක් නොගෙවීම, ආබාධිත උපකරණ නොලැබීම හා එහි ගුණාත්මක බව, මෙතෙක් කිසිදු උසස්වීම් නොලද නිලධාරීන් සම්බන්ධව අවධානය යොමු නොකිරීම ආදී කරුණු මූලික කරගෙන ඔවුහු විරෝධතා පුවරුද අතැතිව විරෝධතාවයේ නිරත ව්ය.
පොලිස් රෝහලේ කාර්යයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියා.
අනතුරුව පොලිස්පතිවරයා විරෝධතාවයේ යෙදුණු යුද ආබාධිත රණවිරු පොලිස් නිලධාරීන් 10 දෙනකුට පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් ලබාදුන්නා.
එම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා එම ආබාධිත පොලිස් රණවිරුවන් හට සාධනීය පිළිතුරක් ලබා දුන් බව විරෝධතාකරුවෝ පැවැසූවා.
ඉන් අනතුරුව ඔවුන් විරෝධතාවයේ යෙදුන ආබාධිත රණවිරුවන් අතරට ගොස් ඒ ගැන පැහැදිලි කළ අතර පසුව දහවල් 12.30 ට පමණ ඔවුහු විරෝධතාවය අවසන් කළා.