free web stats

පැරණි ක්‍රම­යට පළාත් සභා ඡන්දය පව­ත්වන්න හදිසි පන­තක් ගේන්න

පැරණි ක්‍රම­යට පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා හදිසි පන­තක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (19) පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළා.

‍පැරණි ක්‍රම­යට පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට විප­ක්ෂයේ අපි අපේ පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බව ද විපක්ෂ නාය­ක­ව­රයා පැවසූවා.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සජිත් ප්‍රේම­දාස මහතා,

“අපේ රට ශක්ති­මත් කරන්න විශිෂ්ට සේව­යක් කළ අපේ රටේ විශ්‍රා­මික ප්‍රජාව අද අන්ත අස­රණ තත්ත්ව­යට පත්ව තිබෙ­නවා. 2025 වසරේ කළ වැටුප් වැඩි­කි­රීම් ක්‍රියා­ත්මක කර­න­විට රජ­යට අම­තක වුණා විප­ක්ෂයේ සිටිය දී විශ්‍රා­ම­ක­යන්ට දුන් පොරො­න්දුව. විශ්‍රා­මි­ක­යන් 154000කට කිසිදු වැඩි­වී­මක් සිදුව නැහැ. විශාල පිරි­සක් විප­ක්ෂයේ සිටිය දී දුන් පොරොන්දු ඇයි කඩ කරන්නේ. 2020 – 2025 හිඟ මුද­ලත් ලබා­දිය යුතු වෙනවා. ඔවුන් ඉතාම අමා­රු­වෙන් ජීවත් වෙන්නේ. දයාව, කරු­ණාව, මෛත්‍රිය ඇති කර­ගෙන වැඩි­හිටි ප්‍රජා­වට, විශ්‍රා­මික ප්‍රජා­වට ලක්ෂ 15ක තැන්ප­තු­වට පොරොන්දු වූ ආකා­රයේ යුතු­කම ඉටු­ක­රන්න කියා ඉල්ල­නවා. අද අපේ රටේ උප්පැන්න, මරණ, විවාහ රෙජි­ස්ට්‍රා­ර්වරු 2100ක් ඉන්නවා. මේ රෙජි­ස්ට්‍රා­ර්ව­රුන්ට උපත් සහ මර­ණ­වල දී ගෙවන්නේ රුපි­යල් 75 යි. ඒක රුපි­යල් 300ක් කරන්න කියා යෝජනා කර­නවා. ඒ වගේම තීන්දු දීම­නා­වක් රුපි­යල් 350ක් ගෙව­නවා. නාග­රික ප්‍රදේ­ශ­වල රුපි­යල් 5000ක් සහ ග්‍රාමීය ප්‍රදේ­ශ­වල රුපි­යල් 3000ක දීම­නා­වක් කරන්න කියා ඉල්ල­නවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *