free web stats

කිරි තේ කෝපයේ ම්ලත් අඩුවෙයි

කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි මිල අද දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙලෙස කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බවයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *