2026 වර්ෂයේ පළමු දින 15 තුළ සංචාරකයි වාර්තාගත ලෙස පැමිණෙයි
2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවද අධිකාරිය පවසයි.
මේ දින 15 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 23,786ක් වාර්තා වේ.
ඊට අමතරව, රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ.

