ළාබාලතම අගමැති නෙදර්ලන්තයෙන් පත්වෙයි
නෙදර්ලන්ත ඉතිහාසයේ ළාබාලතම අගමැතිවරයා ලෙස 38 හැවිරිදි රොබ් ජෙට්න් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ නායකත්වයෙන් යුතු ඩිමොක්රටික් 66 පක්ෂය පසුගිය ඔක්තෝබරයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්වී සුළුතර රජයක් පිහිටුවා ගත් අතර, පෙරේදා නව රජය පත්වීමෙන් පසු රොබ් ජෙට්න් විලේම් ඇලෙක්සැන්ඩර් රජු ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම්දීම සිදුවූ බව ද වාර්තා වෙනවා.
සමලිංගික පුද්ගලයකු ලෙස ප්‍රකට රොබ් ජෙට්න් එරට සමලිංගික අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පසුගිය වසරේ අගභාගයේ පැවති නෙදර්ලන්ත මැතිවරණයේදී ඉස්ලාම් විරෝධී ගීට් වයිල්ඩර්ස් පක්ෂයට එරෙහිව සියුම් ජයග්‍රහණයක් ලැබූ ඩිමොක්රටික් 66 පක්ෂය සුළුතර රජයක් පිහිටුවා ගත් බැවින් රජයේ සියලු කෙටුම්පත් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල ද්විත්වයේම අනුමැතිය ගත යුතු බව ද වාර්තා වේ.

