free web stats

ඉරාන ප්‍රහා­ර­ව­ලින් ම්යැදුණු අමෙ­රි­කානු සෙබළු ගණන මෙන්න

ඉරා­න­යට එරෙහි යුද්ධයේ පළමු දින 10 ඇතු­ළත අමෙ­රි­කානු සෙබ­ළුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව එරට ආර­ක්ෂක හමු­දාව තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුවේට් රාජ්‍යයේ පිහිටි හමුදා කඳ­වුරේ රාජ­කා­රියේ නිර­තව සිටි­යදී හදිසි හෘද­යා­බා­ධ­ය­කට ලක්වී­මෙන් අට­වැනි හමුදා සෙබළා ද ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව වාර්තා වේ.

මැද­පෙ­ර­දිග අමෙ­රි­කානු හමුදා කඳ­වුරු ඉලක්ක කර­මින් ඉරා­න­යෙන් එල්ල වූ මිස­යිල සහ ඩ්‍රෝන ප්‍රහා­ර­ව­ලින් තවත් සෙබ­ළුන් 140 දෙනකු තුවාල ලැබූ බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පෙන්ට­ග­නය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

එහි ප්‍රකා­ශක ෂෝන් පාර්නෙල් සඳ­හන් කර ඇත්තේ ඉන් අට­දෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බවයි.

කෙසේ වෙතත් වැඩි පිරි­සක් සුළු තුවාල ලබා ඇති බවත්, ඉන් 108 දෙනකු නැවත රාජ­කාරි සඳහා වාර්තා කර ඇති බවත් පෙන්ට­ග­නයේ ප්‍රකා­ශක සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *