free web stats

ඉරා­නයේ මරණ ගණන ඉහ­ළට

අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල හමු­දාව ඒකා­බ­ද්ධව ඉරා­න­යට එරෙ­හිව ආරම්භ කළ යුද්ධ­යට ඊයේ වන­විට දින 16ක් සම්පූර්ණ වී ඇති අතර, ඉරා­නය, ඊශ්‍රා­ය­ලය සහ මැද­පෙ­ර­දිග රට­වල මිය­ගිය ගණන 1478 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

අල් ජසීරා පුවත් සේවයේ දත්ත සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව අමෙ­රි­කානු හා ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් පසු ඉරාන හමු­දාව මැද­පෙ­ර­දිග රට­වල් 9කට ප්‍රහාර එල්ල කර ඇති අතර, බහ­රේ­නය, ඉරා­කය, ජෝර්දා­නය, කුවේට්, ඕමා­නය, කටාර්, සෞදි අරා­බිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රහා­ර­ව­ලට ලක්වී තිබේ.

ඉරා­නයේ පම­ණක් ජීවිත 1,444ක් යුද්ධ­යට බිලිවී ඇති අතර, ඊශ්‍රා­ය­ලයේ මරණ 15ක් ද, ගල්ෆ් කලා­පයේ මරණ 19ක් ද සිදුවී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

මීට අම­ත­රව ඉරාන ප්‍රහා­ර­ව­ලින් අමෙ­රි­කානු සෙබ­ළුන් 13 දෙනකු ද ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව වාර්තා වනවා.

යුද්ධය ආර­ම්භවූ දිනයේ සිට ඉරා­නයේ ඉලක්ක 5,000ක් වෙත පහර දුන් බව අමෙ­රි­කාවේ මධ්‍යම අණ­දෙන මධ්‍ය­ස්ථා­නය නිවේ­ද­නය කර ඇති අතර, ඉරාන ඉස්ලා­මීය විප්ල­ව­වාදී ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කර ඇත්තේ මැද­පෙ­ර­දිග පිහිටි අමෙ­රි­කානු ඉලක්ක 27ක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි.

ඉරාන ප්‍රහා­ර­ව­ලින් ඊශ්‍රා­ය­ලයේ ටෙල් අවිව්, ජෙරු­ස­ලම් ඇතුළු නගර රැස­කට දරුණු හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

ඉරා­නයේ ප්‍රාන්ත රැසක් ඉලක්ක කර­මින් අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය එල්ල කළ ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් 18,551 දෙනකු තුවාල ලබා ඇති අතර, ඊශ්‍රා­ය­ලයේ තුවාල ලැබූ පිරිස 3,138 ක් බව ද වාර්තා වේ. ඉරාන ප්‍රහා­ර­ව­ලින් සිය හමුදා සෙබළු 150කට ආසන්න පිරි­සක් තුවාල ලැබූ බව පෙන්ට­ග­නය තහ­වුරු කර ඇතැයි ද වාර්තා වේ.

ඉරාන ප්‍රහා­ර­ව­ලින් ජෝර්දා­නයේ පුද්ග­ල­යන් 28 දෙනකු සහ කටාර් රාජ්‍යයේ 16 දෙනකු තුවාල ලබා ඇති අතර, ඕමා­නයේ ද තුවාල ලැබූ පිරිස 15ක් බවට වාර්තා වී තිබෙනවා.

සෞදි අරා­බියේ පුද්ග­ල­යන් 12 දෙනකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 141 දෙනකු ඉරාන ප්‍රහා­ර­ව­ලින් තුවාල ලැබූ බව අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළා.

ඉරා­න­යට එල්ල කරන ප්‍රහාර අත­ර­තුර ඉරාන හිත­වාදී හෙස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­මින් ඊශ්‍රා­යල හමු­දාව ලෙබ­න­න­යට ද ප්‍රහාර එල්ල කර­මින් සිටින අතර, ඊයේ වන­විට ලෙබ­න­නයේ ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් 826 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, තවත් දෙද­හ­ස­කට අධික පිරි­සක් තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *