free web stats

අලුත් අවු­රු­ද්දට ජන­තා­වට දෙන සහන කියන්න

සිංහල හා හින්දු අලුත් අවු­රුද්ද වෙනු­වෙන් ජන­තා­වට ලබා­දී­මට සුදා­නම් වන සහන පිළි­බ­ඳව ආණ්ඩුව පැහැ­දිලි කිරී­මක් කළ­යුතු බව පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා පව­සනවා.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා මේ බව ප්‍රකාශ කළා.

වැඩි­දු­ර­ටත් අදහස් දැක්වූ මන්ත්‍රී­ව­රයා පැවසූවේ,

‘‘මැද­පෙ­ර­දිග යුද්ධය හේතු­වෙන් ඇති­වන බල­පෑම් කළ­ම­නා­ක­ර­ණය කර ශ්‍රී ලංකාවේ ජන­තා­වට මැද­පෙ­ර­දිග යුද්ධ­යෙන් වන බල­පෑම අවම වන ආකා­රය පිළි­බ­ඳව මතු කරන්න සමගි ජන බල­වේ­ගය නිත­රම කට­යුතු කර­නවා. නමුත් මැද­පෙ­ර­දිග යුද්ධය හේතු­වෙන් ශ්‍රී ලංකා­වට විශාල බල­පෑ­මක් එල්ල නොවන බවත් එය කළ­ම­නා­ක­ර­ණය කර­ගත හැකි බවත් ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් නිත­රම ප්‍රකාශ කළා. කෙසේ නමුත් මැද­පෙ­ර­දිග යුද්ධය හමුවේ ආණ්ඩුව යම් කල­බ­ල­කාරි තත්ත්ව­ය­කට මුහුණ දී තිබෙන තත්ත්ව­යක් පෙනෙන්න තිබෙ­නවා. මෙම අර්බු­දයේ බැරැ­රු­ම්තා­වය පිළි­බ­ඳව ආණ්ඩු­වට කිසිදු දැනු­ම්ව­ත්භා­ව­යක් නැහැ. එවැනි දැනු­ම්ව­ත්භා­ව­යක් තිබු­ණා­නම් මේ අර්බු­දය යම් මට්ට­ම­කට පාල­නය කර ගැනී­මට හැකි­යාව තිබුණා. මැද­පෙ­ර­දිග යුද්ධය ආරම්භ වීමේ පෙර­නි­මිති ජන­වාරි මාසයේ සිට පහ­ළ­වෙ­මින් තිබුණා. නමුත් එම පෙර­නි­මිති ආණ්ඩුව හඳු­නා­ගත්තේ නැහැ. නමුත් මේ වන විට මැද­පෙ­ර­දිග යුද්ධය ශ්‍රී ලංකා­වට බලපා තිබෙ­නවා. එය කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට ආණ්ඩුව මේ වන විට අපො­හො­සත් වී තිබෙ­නවා.

සිංහල හා හින්දු අලුත් අවු­රුද්ද වෙනු­වෙන් ජන­තා­වට ලබා­දී­මට සුදා­නම් වන සහන පිළි­බ­ඳව ආණ්ඩුව පැහැ­දිලි කිරී­මක් කළ යුතුයි. නමුත් ආණ්ඩුව අද වන­තුරු එවැනි වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කර නැහැ. නමුත් ජනා­ධි­ප­ති­ව­රයා සහ මැති ඇමැ­ති­වරු ආණ්ඩුව බේරා ගැනීමේ ව්‍යාපෘ­ති­යක නිතර වී සිටි­නවා. ජන­තා­වට සහන දෙන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන්න ආණ්ඩුවේ කිසිම සූදා­න­මක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *