ආපදා තත්ත්වය හේතුවෙන් සමස්ත මරණ ගණන ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත.
පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිට්නවා.
නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බව ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

