ජනපති ප්රධානත්වයෙන් ‘හිමිකම’ ජාතික වැඩසටහන අද අනුරාධපුරේදී
හිමිකම නිදහස් ප්රදාන පත්ර ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (27) ආරම්භ වීමට නියමිතයි.
අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී සංකේතාත්මකව එම නිදහස් ප්රදාන පත්ර පිරිනැමීමට නියමිතවේ.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අවසර පත්ර හා දීමනා පත්ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්රමුඛ ජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්රදානය කිරීමයි.

