free web stats

ඉන්ධන මිල වැඩි කළේ සමා­ගම් සතුටු කර­න්නයි

ආණ්ඩුව ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස වැඩි කළේ IOC සමා­ගම සහ සයි­නො­පෙක් සමා­ගම සතුටු කිරී­මට බව පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්. මරි­ක්කාර් මහතා පවසනවා.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ පෙරේදා (22) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් මන්ත්‍රී­ව­රයා මේ බව පැවසූවා.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා පැවසූවේ,

“දුප්පත් ජන­තාව නියෝ­ජ­නය කරන ජනා­ධි­ප­ති­ව­ර­යෙක් හා ආණ්ඩු­වක් රට පාල­නය කර­නවා නම්, ඉන්ධන ලීට­ර­ය­කින් ආණ්ඩුව අය කරන බදු මුද­ලින් යම් ප්‍රමා­ණ­යක් හෝ අඩු කරන්න කට­යුතු කළ යුතුයි. ඊයේ දින­යේදී බොහො­ම­යක් ඉන්ධන පිර­වු­ම්හ­ල්වල ඉන්ධන බෙදා හැරීම නතර කර තිබුණා.

ජන­තාව ගැන හිත­නවා යැයි කියූ ආණ්ඩුව ජන­තාව සතුටු කරන්න ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස වැඩි කළා. කෙසේ නමුත් පෞද්ග­ලික සමා­ග­ම්ව­ලට අවශ්‍ය පරිදි රට පාල­නය කරන බාල ආණ්ඩු­වක් බව ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව මේ වන­විට පත්ව තිබෙ­නවා. රටේ දුප්පත් ජන­තාව පිළි­බ­ඳව කිසිදු සංවේ­දී­භා­ව­යක් නොමැති, තෙත­ම­න­යක් නොමැති ආණ්ඩු­වක් බවට ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව අද වන විට පත්ව තිබෙ­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *