free web stats

විදුලි කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙගාවොට් 2,959 ක විදුලි පරිභෝජනය ඊයේ (24) දිවා කාලයේදී වාර්තා වී තිබෙනවා.

රාත්‍රී කාලයේදී පරිභෝජනය ඉහළ ගොස් ඇත්තේ, මෙගා වොට් 3,072 ක් ලෙසටයි.

දහවල් කාලයේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 21%ක් සපයා ඇත්තේ සූර්යය බලශක්තියෙන්වේ.

14% ක් ජල විදුලි උත්පාදනයෙන් සපයා ඇති අතර 26%ක් ඉන්ධන භාවිතයෙන් සිදුකර තිබෙනවා.

මෙරට ප්‍රධානම විදුලි බලාගාරය වූ නොරොච්චොලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මේවනවිට ජාතික පද්ධතියට එක් කරන්නේ මෙගාවොට් 670 පමණ ප්‍රමාණයකී.

මේ වන විට 14%ක් වූ ජල විදුලි නිෂ්පාදනය ද 42.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ දහවල් කාලයේ සූර්යය බලාගාර මගින් ලැබෙන මෙගාවොට් 1,500 ක විදුලි ජනනය රාත්‍රී කාලයේදී අහිමි වීමත් සමගයි.

එම තත්ත්වය යටතේ ජලාශවල ජල ධාරිතාවය ද සිඝ්‍ර ලෙස පහළ බසිමින් තිබෙනවා.

ඊයේ (24) වනවිට කාසල්රී ජලාශයේ ජල ධාරිතාවය 30%ක් දක්වාත් , කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28%ක් දක්වාත් පහත වැටී තිබුණා.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම දැක්වූයේ 66%ක් ලෙසටයි.

කෙසේවෙතත්,, ජල කළමනාකරණ කමිටුව දෛනිකව වික්ටෝරියා ජලාශයෙන් විදුලි නිෂ්පාදනය සඳහා ඝන මීටර් මිලියන 6.5 ක් සහ රන්ටැඹේ ජලාශයෙන් ඝන මීටර් මිලියන 8.5 ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩර් ප්‍රදානයක් සිදුකර තිබෙනවා.

ඉන්දියානු සමාගමකට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කළ බව, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙට්ට්‍රික් ටොන් 50,000 බැගින් නෞකා 5 ක් මෙරටට ළඟා වීමට නියමිතයි.

එම නෞකා සියල්ල අප්‍රේල් 20 වැනිදායි පසු මෙරටට පැමිණීමට නියමිත බව, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, අප්‍රේල් මාසය අවසන් වනතුරු විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍යාංශය තහවුරු කරනවා.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එම තත්ත්වය තුළ විදුලිය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

සොබාදනවි, වෙස්ට් කෝස්ට් සහ කැලණිතිස්ස යන බලාගාර සඳහා අවශ්‍ය ඩීසල්, දැවිතෙල් සහ නැප්තා ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *