අලුත් දොස්තරලාට පත්වීම් සිංහල අවුරුද්දට පෙර
ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බණ්ඩාරගමදී ඊයේ (05) පැවසූවා.
අසාධාරණ ලෙස වැඩ වර්ජනයක් කිරීමේ වුවමනාව මත පමණක් වැඩ වර්ජනය කරන්නේ නම් එතැන ගැටලුවක් පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසූවා.
මාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් වෑවිට වැව්තාවුල්ලේ ඉදිකරන ලද ‘බණ්ඩාරගම ළමා උද්‍යානය’ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වම්න්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් පැවසූ අමාත්‍යවරයා.
මේ වනවිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍යවරු 453 දෙනකුගෙන් 435 දෙනකු අයදුම් කර තිබෙන බවත් ඒ අනුව පශ්වාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පැවසූවා.
දැන් වන විට මේ අයගේ ලැයිස්තු සකස් කරමින් සිටින බවත් එම ලැයිස්තුව අමාත්‍යාංශය මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත් පැවසූවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ අසාධාරණ ආකාරයේ වැඩ වර්ජන කිරීමෙන් මේ රටේ ජනතාව මෙන්ම රෝගීන් පීඩාවට පත්වන බව වර්ජන කරන අය හොඳින් දන්නවා යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසූවා.

