free web stats

අලුත් දොස්ත­ර­ලාට පත්වීම් සිංහල අවු­රු­ද්දට පෙර

ඕනෑම සාධා­රණ වර්ජ­න­ය­කට විස­ඳුම් ලබා­දී­මට රජ­යට හැකි­යාව තිබෙන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා බණ්ඩා­ර­ග­මදී ඊයේ (05) පැව­සූවා.

අසා­ධා­රණ ලෙස වැඩ වර්ජ­න­යක් කිරීමේ වුව­ම­නාව මත පම­ණක් වැඩ වර්ජ­නය කරන්නේ නම් එතැන ගැට­ලු­වක් පව­තින බව ද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැවසූවා.

මාත්‍ය­ව­රයා එසේ පැව­සුවේ බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය සභාව මඟින් වෑවිට වැව්තා­වුල්ලේ ඉදි­ක­රන ලද ‘බණ්ඩා­ර­ගම ළමා උද්‍යා­නය’ විවෘත කිරීමේ උත්ස­ව­යට සහ­භාගි වීමෙන් අන­තු­රුව මාධ්‍යට අදහස් දක්වම්න්.

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා දී ඇති බවත් ඉදි­රි­යේදී විස­ඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් පැවසූ අමාත්‍යවරයා.

මේ වන­විට වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කර ඇති පශ්චාත් සීමා­වා­සික වෛද්‍ය­ව­රුන්ට පත්වීම් ලබා­දීම සම්බ­න්ධ­යෙන් වන ගැට­ලුව නිරා­ක­ර­ණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍ය­වරු 453 දෙන­කු­ගෙන් 435 දෙනකු අය­දුම් කර තිබෙන බවත් ඒ අනුව පශ්වාත් සීමාවා­සික අව­ධියේ සිටි වෛද්‍ය­ව­රුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවු­රු­ද්දට පෙර ලබා­දී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇතැයි ද පැවසූවා.

දැන් වන විට මේ අයගේ ලැයිස්තු සකස් කර­මින් සිටින බවත් එම ලැයි­ස්තුව අමා­ත්‍යාං­ශය මඟින් කඩි­න­මින් ප්‍රකා­ශ­යට පත් කරන බවත් පැවසූවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසා­ධා­රණ ආකා­රයේ වැඩ වර්ජන කිරී­මෙන් මේ රටේ ජන­තාව මෙන්ම රෝගීන් පීඩා­වට පත්වන බව වර්ජන කරන අය හොඳින් දන්නවා යැයි ද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *