ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්
සෑම ඩීසල් ලීටරයකටම රු.100 ක සහනාධාරයක්. පෙට්‍රල් ලීටරයකට රු. 20 ක සහනාධාරයක්. මාස තුනක් වෙනුවෙන් ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රු. කෝටි 6000ක්.
සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට රුපියල් 100ට අමතර තවත් රුපියල් 50ක සහනාධාරයක්.
බහුදින යාත්‍රා එකවරකට ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක්
වී සදහා පොහොර සහනාධාරය රු. 30000ක් දක්වා ඉහළ දැමේ.
අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය රු.15,000 සිට රු.18,000 ක් දක්වා ඉහළට.
තේ සඳහා පොහොර සහනාධාරය රු. 9000ක් දක්වා ඉහළට
අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අප්‍රේල් මාසය සඳහා පමණක් ඉහළට.
රු.17,500 දීමනාව 25,000 දක්වාත්, රු. 10,000 දීමනාව රු.15000දක්වාත් ඉහළට.
මීළග විදුලි ගාස්තු සංශෝධනයකදී ඒකක 90ට අඩු පාරිභෝජනයක් සහිත පාරිභෝගිකයින්ට සහනාධාරයක්.
ආර්ථික සහන පැකේජයට රු. කෝටි 10,000ක්.

