එංගලන්තයේදී රන් පදක්කමක් දිනූ නදීශා දිවයිනට
එංගලන්තයේ පැවති 108 වැනි සමස්ථ එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට ( All England Senior Badminton Championship ) , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නදීශා ගයන්ති ක්‍රීඩිකාව , රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගෙන ඊයේ දින(15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 25 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක ගේ සහභාගීත්වයෙන් , පසුගිය 10වැනිදා සිට 12වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරයි පවත්වා තිබුණා.
එහිදී නදීශා ගයන්ති වයස අවුරුදු 40 ට වැඩි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වි තිබුණා.

