free web stats

හෝමූස් විවෘත කිරී­මට ඉරා­න­යෙන් කොන්දේසි 10ක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර යුද්ධය නිමා­වට පත් කිරීම සඳහා ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ඉරාන රජය පාකි­ස්තා­නය හරහා අමෙ­රි­කා­වට නව යෝජ­නා­වලියක් ඉදි­රි­පත් කර ඇතැයි වාර්තා වෙනවා.

යෝජ­නා­ව­ලි­යට ඉදි­රි­පත් වී ඇත්තේ ඉරා­නය සමඟ සෘජු සාක­ච්ඡා­ව­කට සූදා­නම් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ නිවේ­ද­න­යෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් එම යෝජ­නා­ව­ලි­යට න්‍යෂ්ටික වැඩ­ස­ට­හන ඇතු­ළත් නොවන බව ද වාර්තා වේ.

වෙළෙඳ නෞකා­ව­ලට කිසිදු අව­හි­ර­තා­ව­කින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරී­මට ඉඩ ලබා­දීම සඳහා අමෙ­රි­කාව විසින් දැනට ක්‍රියා­ත්මක කර­මින් සිටින ඉරාන වරා­යන් අව­හිර කිරීම අත්හි­ටු­විය යුතු බව ද යෝජ­නා­ව­ලි­යට ඇතු­ළත් වී ඇති අතර, ඕනෑම ආකා­ර­යක සාක­ච්ඡා­වක් පැව­ත්වී­මට නම් අමෙ­රි­කාව මේ යෝජ­නා­ව­ලිය පිළි­ගත යුතු බව ඉරාන පාර්ලි­මේ­න්තුවේ ජාතික ආර­ක්ෂක සහ විදේශ ප්‍රති­පත්ති කමි­ටුවේ ප්‍රකා­ශක ඉබ්‍රා­හිම් රීසායි සඳ­හන් කර තිබෙනවා.

යුරේ­නි­යම් නිස්සා­ර­ණය කිරී­මට ඉරා­න­යට ඇති අයි­තිය පිළී­ගැ­නීම, ඉරා­න­යට එල්ල කළ ප්‍රහා­ර­ව­ලට වන්දි ගෙවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය පාල­නය කිරී­මට ඉරා­න­යට ඇති අයි­තිය පිළි­ගැ­නීම ඇතුළු කොන්දේසි 10ක් එම යෝජ­නා­ව­ලි­යට ඇතු­ළත් බව ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් න්‍යෂ්ටික වැඩ­ස­ට­හන ඇතු­ළත් කර නොමැති බැවින් ඉරා­නයේ යෝජ­නා­ව­ලි­යට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක­ඟ­තාව පළ­වීම අවි­නි­ශ්චිත බවට ද වාර්තා පළ වී තිබෙ­නවා.

පසු­ගි­යදා ඉස්ලා­මා­බාද් අග­නු­ව­රදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සාක­ච්ඡා­වෙන් සිය නියෝ­ජි­ත­යන් ඉවත් කර­ගැ­නී­මෙන් පසු අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ නිවේ­ද­නය නිකුත් කළ අතර, ඉරා­න­යට අමෙ­රි­කාව සමඟ සාකච්ඡා කිරී­මට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ­කඩ තිබෙන බවත්, පැමිණ හමු­වී­මට හෝ දුර­ක­ත­න මාර්ග­යෙන් එම සාක­ච්ඡාව සිදු කළ හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේ­ද­නය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *