free web stats

U.N.P හා සජබ එකතු කරන්න යම් යන්ත්‍ර­ණ­යක් අව­ශ්‍යයි

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කරන පාක්ෂි­ක­යන් ගම් මට්ට­මින් එකතු වී සිටින බවට ප්‍රකාශ කළත් පක්ෂ දෙකේ නාය­ක­යන් නිල වශ­යෙන් එකතු වන­තෙක් එය සාර්ථක එක­තු­වී­මක් නොවන බව එජාප උප සභා­පති, මහ­නු­වර දිස්ත්‍රික් නායක නවීන් දිසා­නා­යක මහතා පව­සනවා.

පක්ෂ දෙකක් නිල වශ­යෙන් එක­තු­වීම සඳහා යම් යන්ත්‍ර­ණ­යක් අවශ්‍ය බවත් එය කුමක්ද යන්න සම්බ­න්ධව සාකච්ඡා වෙමින් පව­තින බවත් ඒ මහතා පැවසූවා.

මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, එජාප මහ­නු­වර දිස්ත්‍රික් නායක නවීන් දිසා­නා­යක මහතා වැඩි­දු­ර­ටත් පැවසූවේ,

එක්සත් ජාතික පක්ෂය ගම් මට්ට­මින් ශක්ති­මත් කිරීම සඳහා නව වැඩ­පි­ළි­වෙ­ළක් ලබන මාස­යේදී ආරම්භ කර­නවා.
සජබ හා එජාප කියන්නේ පක්ෂ දෙකක්. ලාංඡන දෙකක් යටතේ මේ පක්ෂ ලියා­ප­දිංචි කර තියෙන්නේ.

මේ පක්ෂ දෙක එකතු කරන්න නම් යම් යන්ත්‍ර­ණ­යක් අව­ශ්‍යයි. ඒක මොකක්ද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ කියන තැන මිනිස්සු ඉන්නවා. ඒ හැඟීම පැහැ­දි­ලි­වම ගම් මට්ට­මින් පේන්න තියෙ­නවා. නමුත් ඒ එක­තු­වීම නිල වශ­යෙන් විය යුතුයි. ඒක නිල නොවන විදි­හට වෙන්නේ නැහැ. සංඛ්‍යා ලේඛන අනුව එජාප පාක්ෂි­කයෝ ලක්ෂ 15ක් පමණ ඉන්නවා. ඒ අය ඡන්දය නොදී ඉන්නේ ජය­ග්‍ර­හ­ණ­යක් නොපෙ­නෙන නිසයි. සජ­බත් ඒක පිළි­ග­න්නවා. ඒ අය ඡන්ද­ප­ළට ගේන්න නම් අපි එකතු වෙන්න ඕනෑ. සජිත්ට ජන­ප­ති­ව­ර­ණ­යේදී මිලි­යන 4.2 ක් ලැබුණා. මහ මැති­ව­ර­ණ­යේදී ඒක අඩු වුණා. ප්‍රාදේ­ශීය සභා ඡන්ද­යේ­දීත් ඒක උඩට ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ඡන්ද තමයි මේ දෝල­නය වෙන්නේ. පරණ යු.එන්.පී කාරයෝ ලක්ෂ තිස් පහක් විතර ඉන්නවා. ආණ්ඩුව පර­ද්දන්න නම් ඒ අයගේ ඡන්ද අව­ශ්‍යයි. තනි­යම කරන්න පුළු­වන් කියා කවු­රු­වත් හිතන්න හොඳ නැහැ.

එජා­පය හා සජබ එකතු වෙන්න කියලා දිස්ත්‍රික් කමිටු මඟින් යෝජනා කර­නවා. ජූනි මාසයේ සිට පක්ෂයේ වැඩ කට­යුතු ගම් මට්ට­මින් ශක්ති­මත් කරන්න වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා. අලුත් සංවි­ධා­ය­ක­වරු පත් කර­නවා. කැඩිලා ගිය පිරිස් එකතු කර ගනි­මින් නව දේශ­පා­ලන ගම­න­කට අපි ලෑස්ති වෙනවා. පක්ෂ­යට නව මුහු­ණු­ව­රක් ලබා දෙන්න ඕන. දූෂිත පුද්ග­ල­යින් ගාව ගන්න හොඳ නැහැ. බඩු මිල දිනෙන් දින ඉහළ යනවා. ආණ්ඩු­වට ආර්ථික කළ­ම­නා­ක­ර­ණය නැහැ. පොදු සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. රනිල් විශාල දර්ශ­න­යක් ඇති නාය­ක­යෙක්. එතුමා තමන්ගේ හැකි­යාව පෙන්නලා තියෙ­නවා. ආර්ථික අතින් රට අන්ති­මට වැටිලා තිබි­යදී එතුමා රට ගොඩ ගත්තා. රනිල්ගේ රාමුව තුළ තමයි මේ ආණ්ඩු­වත් යන්නේ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර දුන්න පොරොන්දු ජනා­ධි­ප­ති­ව­රයා ඉටු කරලා නැහැ. අත්‍ය­වශ්‍ය භාණ්ඩ­වල වැට් අඩු කර­නවා කිව්වා. ඒක කළේ නැහැ. ජත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි මත තමයි ආණ්ඩුව යන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *