ශෂී විරවංශ ගේ අභියාචනය ඉවතට
අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්රතික්ෂේප කර තිබෙනවා.
එම තීන්දුව ප්රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කර ඇත්තේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.
අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා.
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය විසින් ඉහත අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඇප මත සිටි ඇයට අද සිට වසර දෙකක සිර දඬුවම ක්රියාත්මක වෙනවා.

