ගොව්න් ඉල්ලූ මිලටත් වඩා වැඩියෙන් රජය අල මිල දී ගන්නවා
දේශීය අර්තාපල් අල ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් ඉල්ලූ මිලටත් වඩා වැඩි මිලක් ලබා දෙමින් රජය අල මිල දී ගැනීම් සිදු කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසනවා.
මාස නවයක් පුරා අල ගැලවීම් දේශීයව සිදු කරනවා. දේශීයව අල නිෂ්පාදනයක් සිදු වන්නේ සියයට 15 යි. සියයට 80ක් අර්තාපල් අල පිටරටින් ගේනවා. පිටරටින් අල ගෙන ඒමේදී පනවා තිබූ රුපියල් 50 බද්ද රුපියල් 80 දක්වා වැඩි කිරීමක් අපි පසුගිය කාලයේ සිදු කළා. එහෙම කළේ දේශීය අල ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කියලා කියන්න ඕන. පිටරටින් අල ගෙන්වීම සිදු කළත් දේශීය අලවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉන්දියාවෙන්, චීනෙන්, පකිස්තානයෙන් අල ගෙන එනවා. දේශීය අල රුපියල් 280 ටත් මිල දී ගැනීමට සතොස කටයුතු කළා. දේශීය අල ගොවියා ඉල්ලුවේ රුපියල් 220ත් 240ත් අතර සහතික මිලක්. නමුත් රුපියල් 280 ටත් රජය අල මිල දී ගත්තා. අද දඹුල්ලේ මාර්කට් එකේ අල කිලෝව රුපියල් 310යි. සමහර බීජ මිල, කෘෂි රසායන මිල, පොහොර මිල නිසා අල මිල වෙනස් වෙන්න පුළුවන්. දේශීය අලවලට සාධාරණ මිලක් අපි ලබා දී තිබෙනවා. අර්තාපල් අලවල මිල තවත් ගණන් වැඩි වුණොත් රජයක් විදිහට අපි ඒ සඳහා මැදිහත් වෙනවා.

