free web stats

ගොව්න් ඉල්ලූ මිල­ටත් වඩා වැඩියෙන් රජය අල මිල දී ගන්නවා

දේශීය අර්තා­පල් අල ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් ඉල්ලූ මිල­ටත් වඩා වැඩි මිලක් ලබා දෙමින් රජය අල මිල දී ගැනීම් සිදු කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පවසනවා.

මාස නව­යක් පුරා අල ගැල­වීම් දේශී­යව සිදු කර­නවා. දේශී­යව අල නිෂ්පා­ද­න­යක් සිදු වන්නේ සිය­යට 15 යි. සිය­යට 80ක් අර්තා­පල් අල පිට­ර­ටින් ගේනවා. පිට­ර­ටින් අල ගෙන ඒමේදී පනවා තිබූ රුපි­යල් 50 බද්ද රුපි­යල් 80 දක්වා වැඩි කිරී­මක් අපි පසු­ගිය කාලයේ සිදු කළා. එහෙම කළේ දේශීය අල ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කියලා කියන්න ඕන. පිට­ර­ටින් අල ගෙන්වීම සිදු කළත් දේශීය අල­ව­ලට හොඳ ඉල්ලු­මක් තිබෙ­නවා. ඉන්දි­යා­වෙන්, චීනෙන්, පකි­ස්තා­න­යෙන් අල ගෙන එනවා. දේශීය අල රුපි­යල් 280 ටත් මිල දී ගැනී­මට සතොස කට­යුතු කළා. දේශීය අල ගොවියා ඉල්ලුවේ රුපි­යල් 220ත් 240ත් අතර සහ­තික මිලක්. නමුත් රුපි­යල් 280 ටත් රජය අල මිල දී ගත්තා. අද දඹුල්ලේ මාර්කට් එකේ අල කිලෝව රුපි­යල් 310යි. සම­හර බීජ මිල, කෘෂි රසා­යන මිල, පොහොර මිල නිසා අල මිල වෙනස් වෙන්න පුළු­වන්. දේශීය අල­ව­ලට සාධා­රණ මිලක් අපි ලබා දී තිබෙ­නවා. අර්තා­පල් අල­වල මිල තවත් ගණන් වැඩි වුණොත් රජ­යක් විදි­හට අපි ඒ සඳහා මැදි­හත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *