මුන් මෙතනින් පන්නන දිනය ළඟ ළඟම එනවා
අවුරුදු දෙකකින් පස්සේ අපේ ආණ්ඩුවක් එන බවත්, අපේ ආණ්ඩුව ආවාම සියලුම නඩු නැවත අහලා ඒගොල්ලෝ හිරේ දාන දවසක් එන බවත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක පැවසූවා.
ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය මඟින් කුරුණෑගල පසුගියදා පැවැත්වූ රැස්විමට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා.
“පගාව දීලා, තනතුරු දීලා අපිව හිරේ දාන්න.
එකක් ලියලා තියාගන්න මහත්තුරු. අවුරුදු දෙකෙන් පස්සෙ, අපේ ආණ්ඩුවක් ආවට පස්සේ නැවත ඒ සියලුම නඩු අහලා ඒගොල්ලෝ හිරේ දාන දවස එනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනෑ.
මේ රටේ පගාව දීලා, තනතුරු දීලා පත්කරලා එහෙම මිනිස්සු හිරේ දාන්න ආපු කාලේ ඉවරයි. මේ වේදිකාවේ අපි කියනවා අපිට එකතු වෙමු. ජනාධිපති කෙනෙක් ඕනනම් අපි හදන්නම්. හැබැයි හදන කෙනා හදන අය එකතුවෙලා කියන්න ඕන නෑ. මම මේ සැරේ ජනාධිපති, අපි ඔක්කොම එකතු වෙන්න ඕනි කියලා. එහෙම නැති මිනිස්සුන්ට ඕගොල්ලෝ එකතු වෙන්න එපා. එකතු වෙලා මේ රට හදන, මුන් එළවන, මුන් මෙතනින් පන්නන දිනය ළඟ ළඟ එනවා. ඒකට සූදානම් වෙන්න.”
ගෝඨාභයටත් වඩා හොඳටම කරන්න ආව වත්මන් ආණ්ඩුවට මාස 18ක්. අපි පාර්ලිමේන්තුවේ අතඇරියේ නැහැ. හිරගෙදරට ගෙනියනවා ගේනවා. මාසෙකට නඩු 4ක් අහනවා. එහෙම නඩු දාලා නඩු අහලා චාමර සම්පත්ව නතර කරන්න බැහැ. අපි ඕනම දේකට මුහුණ දෙන්න සූදානම්.
ජනාධිපති සිහින තියෙන අයට මම කියලා තියෙනවා නපුරු කාලවල ජනාධිපතිකම ගන්න එපා කියලා. ජේ.ආර්. ජනාධිපතිකම ගත්තේ වයස අවුරුදු 77න්. හැටෙන් විතර ජනාධිපතිකම ගත්තම ආයෙ එන්න හිතෙනවා. ජේ.ආර් වගේ කළාම මැරෙනකල් ඉන්න පුළුවන්. ළඟදි උත්සවයකදිත් මම අපේක්ෂකයෙක්ට කිව්වා හදිසි වෙන්න එපා කියලා. තරුණ වයසෙදී ජනාධිපතිකම ගත්තාම කලින්ම මයිනා වෙනවා. ඒ නිසා තරුණ කාලේ ඕක ගන්න එපා. මෝදි තුන්පාරක් අගමැති වෙලත් ඔය ලස්සනට ඉන්නේ.”

