හෝමාගම කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් පස් දෙනෙකු මරුට
හෝමාගම, කටුවන කර්මාන්ත පුරයේ පිහිටි, ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ, දෙහිවල, කෝට්ටේ හා හොරණ ගිනි නිවීම් ඒකක යොමුකර ඇති බවයි.
ගිනි නිවීමේ සේවා රථ 6 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා යොමු කර තිබෙනවා.
නමුත් මේ වන ව්ට ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසනවා.

