free web stats

ඩොනල්ඩ් ට්‍රම්ප් නූලෙන් බේරුණු හැට්

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් හමුදා හෙලිකොප්ටරයක් වොෂින්ටනයේ රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළ ආසන්නයේදී මගී ගුවන් යානයකට ඉතා සමීපව පියාසර කිරීමේ සිදුවීමක් සම්බන්ධව එරට ගුවන් සේවා බලධාරින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරයා රැගත් ‘මැරින් වන්‘ හෙලිකොප්ටර් යානය ධවල මන්දිරයෙන් ගුවන්ගත වන මොහොතේදිම ආසන්නයේ පිහිටි රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොලේ සිට මගී යානයක් ගුවන්ගත කර ඇති අතර, යානා දෙක අතර තිබිය යුතු ආරක්ෂිත පරතරය තාවකාලිකව ගිලිහී ගියද, පසුව එම යානා 2ම ආරක්ෂිතව ඈතට පියාසර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේදී එම ගුවන්තොටුපොළ ආසන්නයේදීම මගී ගුවන්යානයක් සහ හමුදා හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 67 දෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු බලාත්මක කළ නව ආරක්ෂණ නීතිරීති උල්ලංඝනය වී ඇතැයි එරට ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් යානය හෝ වෙනත් හමුදා හෙලිකොප්ටර් යානයක් ගුවන්තොටුපොල සීමාව හරහා පියාසර කිරිමේදී සියලුම මගී යානා ගුවන්ගත කිරිම් හෝ ගොඩ බෑම් තාවකාලිකව අත්හිටුවිය යුතු බවට එම අනතුරින් පසු ගුවන් සේවා පාලන අධිකාරිය විසින් නව නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *