free web stats

මැරීන් ඩ්‍රයිව් අනවසර ඉදිකිරීම් වලට හෙට්න් පස්සේ වෙන්න යනදේ

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙහි පළමු අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි පුද්ගලයන් 8 දෙනකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට මේ වන විටත් නියෝග ලබා දී ඇතැයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසනවා.

හෙට (10) දිනට පෙර මෙම අනවසර ඉදිකිරීම් සහ ඒවායෙහි ඇති සියලුම භාණ්ඩ ඉවත් කර ගැනීමට හිමිකරුවන් කටයුතු කළ යුතුවේ.

යම් හෙයකින් එදිනට පෙර අදාළ ගොඩනැඟිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මැදිහත් වී ඒවා කඩා ඉවත් කරන බවත්, එහිදී සිදුවන කිසිදු හානියක් සම්බන්ධයෙන් රජය වගනොකියන බවත් හිමිකරුවන්ට දැඩිව දැනුම් දී ඇත.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපයක් තුළ යම් ඉදිකිරීමක් සිදු කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සිදුකර ඇති ඉදිකිරීම්, කිසිදු අධිකරණ නියෝගයකින් තොරවම කඩා ඉවත් කිරීමට අදාළ පනතේ 31 (4) වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය බලතල හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *