අලුත් ගමනක් මෙන්ම අලුත් පුරවැසියෙක් රටට අවශ්යයි
පුරවැසි වගකීම අවබෝධ කර නොගෙන ආර්ථික සමෘද්ධියෙන් පමණක් ඉදිරියට යා නොහැකි බව අමාත්ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
සෙමාවුල් ජාතික ඇගයීම් සහ ජාල කළමනාකරණ සම්මන්ත්රණය 2026 කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණා.
එහි ප්රධාන ආරාධිතයා වුයේ අමාත්ය ආචාර්ය චන්දන අබේරත්න මහතායි.
ග්රාමිය සංවර්ධනය සහ ප්රජා බලගැන්වීම ඉලක්ක කර ගනිමිනුයි මෙම සම්මන්ත්රණය සංවිධාන කර තිබුණේ.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන ජාතික ප්රජා ශක්ති වැඩසටහන සමග සෙමාවුල් උන්දොං සංවර්ධන ආකෘතිය සක්රීයව සම්බන්ධ කර ගනිමින් ග්රාමිය ප්රජාවගේ ආර්ථික හා සමාජීය මට්ටම ඉහළ නැංවීම පිළිබද මෙම සම්මන්ත්රණයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
කොරියානු ජනරජයේ සෙමාවුල් පදනමේ සභාපති ලිං යං සොක් මහතා සහ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.

