free web stats

ඇමැති ව්ජිත ජගත් මහා මණ්ඩල සැසියට එක්වීමට අද ඇමෙරිකාවට

ජගත් මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතයි.

විජිත හේරත් අමාත්‍යවරයාගේ මෙම නිව්යෝර්ක් සංචාරය ශ්‍රී ලංකාවේ හඬ ගෝලීය වේදිකාවේ ඉදිරිපත් කිරීම මෙන්ම රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමේ අවස්ථාවක් ලෙස දැකිය හැකි බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහා මණ්ඩල සැසියට එක්වන අමාත්‍ය විජිත හේරත් මහතා ලබන 28 වනදා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රටේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

මෙම සංචාරය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සඳහා වැදගත් වන්නේ මහා මණ්ඩලයේ ප්‍රධාන දේශනයට පමණක් සීමා නොවී, ද්විපාර්ශ්වික හා බහු පාශ්චික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නැගීමේ අවස්ථාවක් ලෙස ද ක්‍රියා කිරීම හේතුවෙනුයි.

පසුගිය ජගත් මහා මණ්ඩල සැසිවාරය අවස්ථාවේ දී ද විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ බහු පාශ්චික ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

එබැවින්, මෙවර සංචාරය ද ශ්‍රී ලංකාවේ ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතා එකිනෙක සම්බන්ධ කරගන්නා තවත් අවස්ථාවක් බවට පත්වනු ඇති බවයි විදේශ අමාත්‍යාංශය තවදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *