අද සිට කොළඹ නගරයේ බස් ප්රමුඛතා මංතීරු ක්රමය ක්රියාත්මකයි
කොළඹ සහ අවට ප්රදේශවල බස් ප්රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්රියාත්මක කෙරෙනවා.
ඒ අනුව පෙරවරු කාලයේ පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා බස් ප්රමුඛතා මංතීරු නීතිය ක්රියාත්මක අතර, පස්වරු කාලයේ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම නීතිය ක්රියාත්මක කෙරෙනවා.
මෙම ව්යාපෘතිය අද (29) සිට ක්රියාත්මක කරන්නේ නියමු ව්යාපෘතියක් ලෙසයි.
මේ අතර බස් ප්රමුඛතා මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළා.
මෙම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

