free web stats

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ නැවතත් පාකි­ස්තා­නය පරදයි

අවු­රුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට එක්ව සිටින චමුදි ප්‍රෙබෝධා (බට්ටි) ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ පිට පිට දෙවැනි වර­ටත් පාකි­ස්තා­නය පරා­ජය කිරී­මට ඊයේ සමත් ව්ය.

ෆයි­ස්ලා­බා­ද්හිදී පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලියේ 8 වැනි තර­ගය වූ මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් පාකි­ස්තාන පිල ලකුණු 105කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ ඕවර 13.3ක් පම­ණක් වැය කර­මින් ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කර ගත්තා.

යළිත් වරක් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ ආර­ම්භක පිති­කා­රිනි සංජනා කාවින්දි හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 46ක් රැස් කර­මින් ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන්නේ පන්දු 28ක් පම­ණක් වැය කර­මිනි. නෙත්මි උපේක්ෂා සහ ලිමංසා තිල­ක­රත්න ලකුණු 16 බැගින් ඉනි­මට එක් කළා.

ලකුණු 24ක් රැස් කළ ෂහාර් බානෝ පාකි­ස්තාන ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, දක්ෂ පන්දු යැවී­මක නිරත වූ ලිමංසා තිල­ක­රත්න ලකුණු 14කට කඩුලු 3ක් බිඳ දැමුවාය. යෂේලි ජිතාරා කඩුලු 2ක්, නෙත්මි උපේක්ෂා සහ චමුදි ප්‍රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.

තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ලිමංසා තිල­ක­රත්න සම්මාන දිනා ගත්තා.

බංග්ලා­දේ­ශ­යත් එක්වන සිටින මේ තර­ගා­ව­ලියේ ඊයේ තර­ග­යට පෙරම පාකි­ස්තා­න­යට අව­සන් තරග වරම් අහිමි වී තිබූ අතර, මේ වන විට ශ්‍රී ලංකා පිල ජය­ග්‍ර­හණ 4ක් සමඟ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගෙන සිටී. ශ්‍රී ලංකාව සමඟ තරග 3ක් ජය­ගෙන ඇති බංග්ලා­දේ­ශය කලින්ම අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගත්තා.

මේ තර­ගා­ව­ලියේ මූලික වටය නිමා කර­මින් ශ්‍රී ලංකා පිල හෙට (14) බංග්ලා­දේ­ශය සමඟ තරග වැදී­මට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *