free web stats

ආසියානු පැරා ක්‍රීඩා උලෙළේදී ලංකාවට ලෝකඩ පදක්කමක්

ජපානයේ නගෝ­යා­හිදී පැවැ­ත්වෙන 5 වැනි ආසි­යානු ක්‍රීඩා උලෙ­ළේදී ශ්‍රී ලංකා­වට පළමු පද­ක්කම දිනා දීමට එම්. සෆ්රාන් සමත්ව තිබෙනවා.

T47 කාණ්ඩ­යෙන් පිරිමි දුර පැනීමේ ඉස­ව්වට එක් වූ සෆ්රාන් මීටර් 6.55ක දුරක් සට­හන් කර­මින් ලෝකඩ පද­ක්කම දිනා ගැනී­මට සමත් වුණා.

මේ ඉස­ව්වට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­ක­යන් තිදෙ­නෙක් එක් වූ අතර, යූසුප් සල්මාන්ට මීටර 6.40කින් හිමි වූයේ සිව්වැනි ස්ථාන­ය­ටත්, බුද්ධික ඉන්ද්‍ර­පාල (මී. 6.11) 5 වැනි ස්ථාන­ය­ටත් පත් විය.

මේ ඉසව්වේ රන් පද­ක්කම ඉන්දි­යාවේ නිෂාද් කුමාර්ට (මී. 7.11) හිමි වූ අතර, රිදී පද­ක්කම උස්බෙ­කි­ස්තා­නයේ ඔමා­ද්බෙක් කසා­නොව් (මී. 6.99) දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *