free web stats

දේව­මෙ­හෙ­ය අත­ර­තුර කුරු­සිය කඩා වැටී මිය­ගිය දේව­ගැ­ති­ව­රයා

දේව­මෙ­හෙ­යක් සිදු කර­මින් සිටි­යදී කුරු­සි­යක් හිස මතට කඩා වැටී­මෙන් ඉක්ව­දෝ­රයේ දේව­ස්ථා­න­යක දේව­ගැ­ති­ව­ර­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අන­තු­රට මුහුණ දී ඇත්තේ ඉක්ව­දෝ­රයේ නිරි­ත­දි­ගින් පිහිටි වෙර­ළා­සන්න නග­ර­යක් වන ගුවා­යා­කින් නුවර ප්‍රධාන දේව­ගැ­ති­ව­රයා වූ පැට්‍රි­සියෝ ඇල්ෆ්‍රෙඩෝ පිය­තුමා වන අතර, අල්තා­රය පිටු­පස බිත්තියේ සවි­කර තිබූ විශාල කුරු­සිය හදි­සි­යේම ඉදි­රි­යට කඩා වැටී දේව­ගැ­ති­ව­ර­යාගේ හිස මතට පතිත වී ඇති බවත්, ඒ අව­ස්ථා­වේදී එම දේව මෙහෙය සජී­විව විකා­ශය කර­මින් තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

බැති­ම­තුන් ඉදි­රියේ සිටි දේව­ගැ­ති­ව­රයා කුරු­සිය කඩා වැටෙනු නොදුටු බව ද වාර්තා වේ.

මේ අන­පේ­ක්ෂිත අන­තු­රත් සමඟ දේව­ස්ථා­න­යට රැස්ව සිටි බැති­ම­තුන් ගිලන් රථ­යක් කැඳවා දේව­ගැ­ති­ව­රයා රෝහ­ල්ගත කිරි­මට පිය­වර ගෙන තිබේ.

එහෙත් ඒ වන විටත් ඔහු මිය­ගොස් සිටි බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *