free web stats

සත්‍යය වසාගෙන සිදු කරන බුද්ධිමය වංචාව

අද ශ්‍රි ලංකාවේ මාධ්‍ය බහුතරයක් ක්‍රියාත්මක වන්නේ ජනතාව දැනුවත් කිරීම සඳහා නොව, ඔවුන්ගේ සිත පාලනය කිරීම සඳහා බව අප පිළිගත යුතු කටුක සත්‍යයකි.
“ජනතාව වෙනුවෙන්,සැමට කලින්,අලුත් දේ අරගෙන, සියල්ල ඉහළින්”යන සරල වචන යටතේ, සත්‍යය ව්කුර්ති කරමින්,අර්ධ සත්‍යයන් හා අඳුරු අභිප්‍රායන් සමඟින් විකාශය වන වැඩසටහන් රැසක් අද ජනමාධ්‍යය පුරා පැතිරී ඇත.

විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා ඔස්සේ ඉදිරිපත් කරන අරුත් සුන් කතාබහ සහ විවාද වැඩසටහන් බොහෝවිට සත්‍ය සොයන වේදිකා නොව, දේශපාලනික හා වාණිජ නාට්‍ය වේදිකා බවට පත්ව ඇත.

මාධ්‍ය නාලිකා තුළින්ම තීරණය කරගත් කථානායකයන්, ඔවුන්ම තෝරාගත් අදහස් සහ උද්දීපනය කරන ප්‍රශ්න මඟින් හා පහත් ගනයේ බලු පොරයන් ආරූඪ කරම්න් ජනතාවට සත්‍යය දැකීමට නොව,මාධ්‍යට අවශ්‍ය අරමුණට හා දිශාවකට සිත යොමු කිරීමට පමණක් මේ වැඩසටහන් කලින් සැලසුම් කරයි.

ඊටත් වඩා භයානක වන්නේ “රියැලිටි” ලෙස ලේබල් කරමින් ජනතාවට විකිණෙන වැඩසටහන්ය.

සත්‍ය ජීවිතය නිරූපණය කරන බව කියමින්, සම්පූර්ණයෙන්ම සංස්කරණය කළ, නාට්‍යමය ලෙස සැකසූ සහ වාණිජ අරමුණු සඳහා ගොඩනගන ලද සිද්ධීන් මේ හරහා ජනතාවට බලෙන්ම සමීප කරවයි.

මෙය විනෝදාස්වාදයක් ලෙස එන තරුණ පරපුරේ වටිනාකම් විනාශ කර හීන කරන සංස්කෘතික ප්‍රහාරයකි.

සමාජ මාධ්‍ය ද මේ වංචනික මාධ්‍ය පද්ධතියට අනුගත වී, බොරුව වේගයෙන් පැතිරෙන අවි බවට වර්තමානයේ පත්ව ඇත.

සනාථ නොකළ පුවත්, සත්‍ය වසන්කරම්න් සංස්කරණය කළ වීඩියෝ, වෛරය හා බිය උද්දීපනය කරන සටහන් බෙදාහැරීමෙන්, ජනතාවගේ බුද්ධියට එල්ල කරන ප්‍රහාරය ඉතාමත්ම දැඩිය. කනගාටුදායක වන්නේ, මෙම අසත්‍ය ප්‍රචාරයන්ටම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතනද හවුල් වීමයි.

මෙවැනි තත්ත්වයක් තුළ, මාධ්‍ය ආයතනවල සමාජ වගකීම ගැන කතා කිරීම පවා විහිළුවක් ලෙස පෙනේ.
තොරතුරු සොයා බලා සත්‍යය පුවත් වාර්තා කිරීම, සියලු පාර්ශ්වයන්ට සමාන අවකාශය ලබාදී තොරතුරු වාර්තා කිරීම සහ ජනතාවට දැනුම රසව්න්දනය සමග නිදහසේ සිතීමට ඉඩ සලසා දීම යන මූලික මාධ්‍ය මූලධර්ම පවා අද බොහෝ දුරට ප්‍රධාන මාධ්‍ය අමතක කර දමා ඇත. ඒ වෙළෙඳ දැන්වීම් තුළින් ලාභය හා මාධ්‍ය හිම්කාරීත්වයේ බලය සහ බලපෑම මේ සියල්ලට ඉහළින් තැබීම නිසායි.

මාධ්‍යය සමාජයේ හතරවෙනි බලය නොව, ජනතාව මුලාකරන ප්‍රධාන මෙවලමක් බවට මේ වනවිට පත්ව ඇත.

මෙහි අවසාන බරපතල ප්‍රතිඵලය වන්නේ, සිතන, ප්‍රශ්න කරන පුරවැසියෙකු වෙනුවට, අසන දේ විශ්වාස කරන, බොරුවෙන් රැවටෙන,පෙන්වන දේ පිළිගන්නා ජනතාවක් බිහි වීමයි.
එය ප්‍රජාතන්ත්‍රවාදයට,සමාජ සාමයට සහ රටේ අනාගතයට එල්ල කරන සෘජු ප්‍රහාරයකි.

එබැවින් දැන්වත් රටේ පාලකයින් මේ පිළිබඳව දැඩ් අවදානය යොමුකළ යුතුවේ.එමෙන්ම ජනතාවද අවදි විය යුතුයි.
මාධ්‍යය නාඩගම් අන්ධ ලෙස විශ්වාස කිරීම නවතා, ප්‍රශ්න කරම්න්,ප්‍රතික්ෂේප කරම්න්, සැලකිල්ලෙන් විමසා බැලීම සහ සත්‍යය සොයා යාම අත්‍යවශ්‍යවේ.

දැන්වත් මාධ්‍ය ආයතන ද ජනතාව මුලාකරන යන්ත්‍ර බවට පත්වීම නවතා, මාධ්‍ය සදාචාරය පිළිපදිම්න් සත්‍යය තොරතුරු හා දැනුම හා රසව්න්දනය ලබාදීමේ වගකීම භාරගත යුතුය. එය නොකරන්නේ නම්,මේ වංචනික මාධ්‍ය සංස්කෘතිය දැඩි ලෙස සමාජයත්,රටත් ව්නාශ කරනු ඇත.

ප්‍රධාන කතෘ – ශාලුක මදුශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *