free web stats

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩි­කාවෝ අද අව­සන් තර­ග­යට

සංචා­රක නව­සී­ලන්ත ‘ඒ’ කාන්තා කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගය අද (25) පෙර­වරු 10.00ට දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙනවා.

මේ වන විට ප්‍රබල නව­සී­ලන්ත ‘ඒ’ කණ්ඩා­ය­මට එරෙහි පැවති මුල් තරග දෙක ජය ගනි­මින් නවක ක්‍රීඩි­කා­වන් රැස­ක­ගෙන් සම­න්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම තර­ගා­ව­ලියේ ජය තහ­වුරු කර ගෙන ඇත්තේ 2-0ක් ලෙසිනි.

පළමු තර­ගය කඩුලු 3කින් ජය­ගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩි­කාවෝ දෙවැනි තර­ගය ජය ගත්තේ ලකුණු 56කින් වේ.

පෙරේදා පැවති දෙවැනි තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ නව­සී­ලන්ත ‘ඒ’ කණ්ඩා­ය­මට ඕවර 19.5කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

ආර­ම්භක පිති­කා­රිනී විශ්මි ගුණ­රත්න පන්දු 49කින් නොදැවී ලකුණු 57ක් රැස් කර­මින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය මෙන්ම තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ද සම්මාන දිනා­ගත් අතර, විමෝක්ෂා බාල­සූ­රිය ලකුණු 33ක් සහ සංජනා කාවින්දි ලකුණු 27ක් ඉනි­මට එක් කළා.

පන්දු යැවී­මේදී ජෙස් වොට්කින් සහ හැනා රෝව් කඩුලු 2 බැගින් දවා ගත්තා.

එමා බ්ලැක් ලකුණු 28ක් රැස් කර­මින් නව­සී­ලන්ත ඉනිමේ ඉහ­ළම ලකුණු රැස් කළ අතර, වෙනත් කිසිදු පිති­කා­රි­නි­ය­කට ලකුණු 11 පසු කිරී­මට ශ්‍රී ලංකා පන්දු යව­න්නි­ය­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි.

තුන් ඉරි­යව් දස්කම් දැක්වූ දෙව්මි විහංගා පන්දු යැවී­මේදී ලකුණු 19කට කඩුලු 3ක් දවා­ගත් අතර, චමුදි ප්‍රබෝධා ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *