free web stats

ට්‍ර්ම්ප් හඳ අතට ගන්න සැරසෙයි

චන්ද්‍රයාගේ අයිතිය ඇමරිකාව සතුව පවතින බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා “චන්ද්‍රයා අපේ” ලෙස සටහනක් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් සකස් කරන ලද පළ කිරීම් මාලාවක් ද ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ද අමෙරිකානු භූමියක් ලෙස ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ පිළිබඳ ධවල මන්දිරය විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති වීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *