free web stats

ත්‍රස්ත­වා­ද­යෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ නව පන­තට විප­ක්ෂයේ විරෝ­ධය

පුර­වැ­සි­යාට කෲර ලෙස සල­කන ආකා­රයේ නීති ඇතු­ළත් ත්‍රස්ත­වා­ද­යෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ අලුත් පනත් කෙටු­ම්ප­තට විරු­ද්ධව විප­ක්ෂය කට­යුතු කරන බව සමගි ජන බල­වේ­ගයේ කළු­තර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩ්දුරටත් පැවසූවේ,

ත්‍රස්ත­වා­ද­යෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ නීතිය කියලා අලුත් කෙටු­ම්ප­තක් මේ ආණ්ඩු­වෙන් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර තිබෙ­නවා.

ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත වෙනු­වට තමයි මේ අලුත් කෙටු­ම්ප­තක් ගෙනැ­විත් තිබෙන්නේ. ජනා­ධි­පති නීතිඥ රියන්සි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේ­ෂඥ කණ්ඩා­ය­මක් පත් කළා.

එහෙම පත් කළේ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත සංශෝ­ධ­නය සඳහා. නමුත් මේ ආණ්ඩුව විශේ­ෂඥ මත­ව­ලට සල­කන්නේ නැහැ.

මොකද කමි­ටුව ඉදි­රි­පත් කළ නිර්දේ­ශ­ව­ලට එරෙ­හිව පුර­වැ­සියා යට­පත් කරන නීති­යක් ගෙන ඒමට අලුත් කෙටු­ම්ප­තෙන් කට­යුතු කර­නවා. විශේ­ෂඥ කණ්ඩා­යම ඉදි­රි­පත් කළ කෙටු­ම්පත මේ ආණ්ඩුව සලකා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *