free web stats

මාස 9ක් තුළ ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 6,500 ඉක්මවයි

වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස 9ක කාලය තුළ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6,500කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය සඳහා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,865.4කි.

මහ බැංකුව සඳහන් කර ඇත්තේ එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 1,053.7ක වර්ධනයක් බවයි.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය සඳහා විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේශණ ප්‍රමානය 5,811.7කි.

මේ අතර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට විදෙස් ප්‍රේශණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 734.4ක් ලැබී තිබේ.

එයද ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට විදෙස් ප්‍රේෂණ ලෙස 695.7ක් ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *