මගේ සෙල්ලම් බඩු කියා කාර් පෙන්වූ රොනාල්ඩෝ
ධනවතෙකුට බොහෝ මිල අධික දේවල් මිල දී ගත හැකි නමුත්, සෑම ධනවතෙකුටම මෙවැනි ගරාජ නොමැත.
ලොව වැඩිම වැටුප් ලබන සුපිරි පාපන්දු ක්රීඩක ක්රිස්ටියානෝ රොනාල්ඩෝ සතුව ඉහළම වටිනාකමක් ඇති මෝටර් රථ 40ක් පමණ ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.
වසරකට ඇස්තමේන්තුගත ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 430ක පමණ ආදායමක් හිමි (ශ්රී ලංකා රුපියල් කෝටි 9,922ක් පමණ) රොනාල්ඩෝ සතු නවතම මාදිලියේ ෆෙරාරි, බුගාටි, ලැම්බෝගිනි, රෝල්ස් රොයිස්, මැක්ලරන් හා මර්සඩීස් ඇතුළු උසස් නිෂ්පාදනවලින් සමන්විත මෝටර් රථ එකතුවක් ඇත.
ක්රිස්ටියානෝ රොනාල්ඩෝගේ තම පෞද්ගලික ගරාජයේ සිට ඡායාරූප තුනක් පළ කරමින් ඉන්ස්ටග්රෑම් සටහනක වචන දෙකකින් ශීර්ෂ පාඨය කර තිබූ ‘මගේ සෙල්ලම් බඩු’ ලෙසින් මෝටර් රථ පෙළ ප්රදර්ශනය කළා.
සතියක් ඇතුළත එයට ලයික් මිලියන 26.5කට වඩා සහ අදහස් ලක්ෂ 4කට ආසන්න ප්රමාණයක් ලැබී තිබෙනවා.
පිටියෙන් පිටත රොනාල්ඩෝගේ මෝටර් රථ එකතුව ඔහුගේ පාපන්දු ක්රීඩාව තරම්ම ජනප්රිය බව මෙයින් පෙනී යන කරුණක් වේ.
2026 ලෝක කුසලානයෙන් පෘතුගාලය ඉවත් වීමෙන් පසු, 41 හැවිරිදි රොනාල්ඩෝ ඒ වන විට නිවාඩුවක් ගත කරමින් සිටියා.
ඔහු ස්පාඤ්ඤයේ මැලෝර්කාහි තම පවුලේ අය සමඟ කාලය ගත කරමින් සිටියදී තම මෝටර් රථ එකතුව රසිකයන්ට පෙන්වූවා.
රොනාල්ඩෝගේ පෞද්ගලික ගරාජය සැබවින්ම ප්රදර්ශනාගාරයකි.
විශේෂයෙන් සාදන ලද බුගාටි වෙයරෝන් 16.4 ග්රෑන්ඩ් ස්පෝට්ස් රථයක් තිබේ. නව බුගාටි ටුවර්බිලෝන් රථය පමණක් පවුම් මිලියන 3.2ක් පමණ (ශ්රී ලංකා රුපියල් කෝටි 140ක් පමණ) වේ. බිංදුවේ සිට පැයට කිලෝමීටර 100 දක්වා වේගවත් වීමට තත්පර 2ක් පමණක් ගතවන මැක්ලරන් සෙන්නා වර්ගයේ රථයක් ද ඇත. එහි වටිනාකම ඩොලර් මිලියන ගණනකි.

