free web stats

වී මිල නියම කළේ විද්‍යා­නු­කූ­ල­වයි

ගොවියා,පාරි­භෝ­ගි­කයා මෙන්ම වෙළෙන්ඳා යන පාර්ශ්ව ත්‍රිත්වය පිළි­බඳ අව­ධා­නය යොමු කර, වී මිල නියම කිරීම විද්‍යා­නු­කූ­ලව සිදු කළ බව කෘෂි­කර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා පවසනවා.

රජය සාධා­රණ මිල­කට වී මිලදී ගැනී­මට සූදා­නම් බැවින් අඩු මිලට වී තොග කිසි­ව­කුට ලබා නොදෙන ලෙසත් මේ වන­විට ගොයම් කපන ප්‍රදේ­ශ­වල ගබඩා විවෘත කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළා.

බත්ත­ර­මුල්ල කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බැව් ප්‍රකාශ කළා.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සූවා.

“මේ වෙන­විට වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙ­නවා. විවිධ කතා නිර්මා­ණය කර­මින් තිබෙ­නවා. අපි පසු­ගිය කාලයේ ගොවි­ජන සම්මේ­ල­නය ලෙස වී මිල ගැන කතා කළා. අපි ආණ්ඩුව බාර­ගන්න කලින් වී කිලෝ එකක නිෂ්පා­දන මිල රුපි­යල් 99.75 යි. ඒ කාලයේ වී මිලදී ගත්තේ නෑ. එදා ගොවි­යාට සාධා­ර­ණ­යක් වුණේ නෑ. ගොවීන් අඩු මිලට වී වික්කා.

අපි මෙවර විද්‍යා­නු­කූ­ලව වී මිල නියම කළා.රතු නාඩු නිෂ්පා­දන විය­දම රුපි­යල් 75යි. පාලන මිල රුපි­යල් 120යි. ඒ අනුව රුපි­යල් 45ක ලාභ­යක් තිබෙ­නවා. අපි ගෙනාපු සටන් පාඨ­යට පණ­පො­වලා තිබෙ­නවා. ඒ වගේම තෙත වීව­ලට මිලක් තිබුණේ නෑ.

තෙත වීව­ල­ටත් අපි මිලක් නියම කර­නවා. නාඩු කමතේ රුපි­යල් 102යි.නිෂ්පා­දන විය­දම රුපි­යල් 60යි. සම්බා කමතේ රුපි­යල් 105යි.නිෂ්පා­දන විය­දම රුපි­යල් 79යි. අපි ගොවියා ආරක්ෂා කළා.

අපි ගොවීන්ට කියන්නේ අඩු මිලට වී දෙන්න එපා. රජය වී මිලදී ගන්න සූදා­නම්. වී මිලදී ගන්න අයත් අඩු­වට ගන්න එපා. ගබඩා ඇරලා නෑ කියා අසත්‍ය ප්‍රවාර පැති­රෙ­නවා. ගබඩා බොහෝ­ම­යක් ඇරලා තිබෙ­නවා. ගොයම් කපන ප්‍රදේ­ශ­වල ගබඩා විවෘත කරන්න කියා උප­දෙස් දී තිබෙ­නවා.

ගොවි­යාගේ වී ව­ලට සාධා­රණ මිලක් අද නියම කළා. නිෂ්පා­දන විය­දම අපි ගණන් හැදුවා. ඒ නිෂ්පා­දන විය­ද­මට 30% ක් අපි එකතු කළා.

වී මිලදී ගැනීමේ මිල වැඩි කළත් අපි පාරි­භෝ­ගි­කයා ගැනත් හිතන්න ඕනෑ. අපි රජ­යක් ලෙස තීන්දු ගන්නේ පාරි­භෝ­ගි­කයා, අත­ර­මැ­දියා සහ ගොවීන් තුන් කට්ටි­යම ගැන හිත­ලයි. අපි ආණ්ඩුව ගත්තම වගා හානි­ව­ලට වන්දි ගෙව්වා. වගා වන්දි ගෙවලා අව­සන් කර තිබෙ­නවා. හාල් වෙළෙ­ඳ­පොළේ කවු­රු­හරි අල­ක­ලං­චි­යක් කරන්න හද­නවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අපි ගත්ත වී තොග ඇප­යට තියලා බැංකු සමඟ ගනු­දෙ­නු­ව­කට යන්නත් පුළු­වන්. රටින් ගේන ආහාර සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු වෙලා තිබෙ­නවා. ආහාර රටින් ගේන එක අවම කර­ගැ­නීම සහ නව­ත්වා­ගැ­නීම අර­මු­ණක්. එහෙම කරන්න නම් අපි නිෂ්පා­ද­නය වැඩි කරන්න ඕනෑ. ගොවියා යම් යම් පීඩා­වන්ට පත්වේවි. ඒක නිරා­ක­ර­ණය කරන්න ඕනෑ.

අපි බඩ­ඉ­රිඟු මිලදී ගන්නවා. මුංඇට ප්‍රව­ර්ධ­නය කර­නවා. රජය මිලදී ගන්නත් සූදා­නම් වෙනවා. එත­කොට වෙළෙ­ඳ­පොළ ප්‍රශ්නය නිරා­ක­ර­ණය කර­ගන්න පුළු­වන්. ඒ වගේම සුළු අප­න­යන බෝග වගා කරන අයට විශේෂ ආධාර වැඩ­ස­ට­හන් නිර්මා­ණය කර තිබෙ­නවා. බඩ ඉරිඟු ප්‍රශ්නය අපි අව­සන් කර­නවා. නමුත් එක­ව­රම එය කළ නොහැ­කියි. කන්තලේ අත­හැ­රපු ඉඩම් දැන් වගා­බිම් බවට පත්වෙ­මින් තිබෙ­නවා.රජය විසින් බඩ­ඉ­රිඟු මිලදී ගැනීම ආරම්භ කර­න්නත් සූදා­නම්’ යැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *